රත්නපුර සහ කෑගල්ල සමුපකාර ප්‍රාදේශික සියල්ල යළි පවරා ගන්නවා | දිනමිණ

රත්නපුර සහ කෑගල්ල සමුපකාර ප්‍රාදේශික සියල්ල යළි පවරා ගන්නවා

බදු පදනමින් විවිධ පුද්ගලයන්ට සහ ව්‍යාපාරික ආයතන වෙත ලබා දී ඇති රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ සමුපකාර ප්‍රාදේශික (ප්‍රාදේශිකව පිහිටුවා ඇති සමුපකාර කඩ සාප්පු) සියල්ල යළි පවරා ගැනීමට කටයුතු කරන බව සබරගමුව පළාත් ප්‍රධාන ඇමැතිවරයා මෙන්ම සමුපකාර විෂය බාර ඇමැති මහීපාල හේරත් මහතා පැවසීය.ප්‍රධාන ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා පැවති සමුපකාර ප්‍රධානීන්ගේ වැඩමුළුවට එක්වෙමිනි.

සබරගමු පළාතේ සියලුම විවිධ සේවා සමුපකාර සමිති වල පසුගිය 19 සහ 20 යන දෙදින පුරා සභාපතිවරු,සමාන්‍යාධිකාරවරු සහ සමුපකාර සේවක පිරිස් වෙනුවෙන් මෙම වැඩමුළුව පැවැත්විණි.

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් වු සමුපකාර ප්‍රාදේශික මේ වන විට ඒ ඒ සමුපකාර විවිධ සේවා සමිති මගින් විවිධ පුද්ගලයන් හා ව්‍යාපාරික ප්‍රජාව වෙත කුලි පදනම මත ලබා දි ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු ප්‍රධාන අැමැතිවරයා මෙසේ කීය. සමුපකාර ව්‍යාපාරයේ මුලික පරමාර්ථ වලට පටහැනිව ඇතැම් විවිධ සේවා සමුපකාර සමිති ප්‍රාදේශික(ප්‍රාදේශිකව පිහිටුවා ඇති සමුපකාර කඩ සාප්පු) බදු දීමට කටයුතු කරනවා.ජනතාවගේ පොදු ව්‍යාපාරයක් වන සමුපකාර ව්‍යාපාරය පොදු ලාභය මත පදනම්ව ක්‍රියාත්මක කිරීමට උචිතවන්නේ නෑ.

වෙළෙඳපොළෙහි භාණ්ඩ හා සේවාවන්ගේ මිල පාලන කිරිම සඳහා මෙන්ම ආපදා හා හදිසි අවස්ථා වල දි සමුපකාර ව්‍යාපාරය ඉටුකරන මෙහෙයද මෙහි දි පෙන්වාදෙනු ලැබිය.

රත්නපුර දිස්ත්‍රික්කයට පසුගියදා ඇති වු ගංවතුර සහ නාය යාම් හේතුවෙන් අවතැන් වු ජනතාව වෙත අවශ්‍යක ආහාර පාන සැපයීමට මුලින්ම ඉදිරිපත් වී විශාල මෙහෙවරක් සමුපකාර ව්‍යාපාරය මගින් ඉටුකළා.එවන් ජනතා ව්‍යාපාරයත් රැකගැනිම සැමගේම යුතුකම හා වගකිමයි.

සමුපකාර කඩ සියල්ල යළි පවරා ගෙන ඒවා ප්‍රතිසංස්කරණය කර සමුපකාර ව්‍යාපාරය යටතේ නැවත විවෘත කරන ලෙස ද ප්‍රධාන ඇමැතිවරයා මෙහි දි බලධාරින්ට උපදෙස් දෙනු ලැබිය.

මෙම වැඩමුළුව සඳහා ප්‍රධාන ලේකම් හේරත් පි. කුලරත්න, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා,නියොජ්‍ය ප්‍රධාන ලේකම් පරාක්රතම පියසේන,නියෝජ්යය ප්‍රධාන ලේකම් (මුල්යර කළමනාකරණ) ඒ එම් ඥනසේන, අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එම්.බී.එස්.එන්.කුමාරගේ,සමුපකාර කොමිසන් සභාවේ ලේකම් ඩි.ඩබ්ලිව්.එස්.රාජපක්ෂ යන මහත්ම මහත්මිහු එක්ව සිටියහ.

නව අදහස දක්වන්න