මුතූර් විදුහලක දැරියන් අපයෝජනය කිරීමට එරෙහිව උද්ඝෝෂණයක් | දිනමිණ

මුතූර් විදුහලක දැරියන් අපයෝජනය කිරීමට එරෙහිව උද්ඝෝෂණයක්

මුතූර් විදුහලක වයස අවුරුදු 6, 8 යන වයස් වල දැරියන් තිදෙනකු අපයෝජනය කිරීමට සම්බන්ධ පුද්ගලයන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් පසුගිය‍දා වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මවුපියෝ සහ පාසල් දරු දැරියෝ උද්ඝෝෂණයක නියැළුණහ.

ඉකුත් 28 දා එම විදුහල තුළදී දැරියන් තිදෙනකුට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක කරන ලෙස, වැරදි කර ඇති අය අත්අඩංගුවට ගන්නා ලෙස හා ඔවුන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා ආරම්භ කරන ලද මෙම උද්ඝෝණයට 200කට ආසන්න මවුපියන් සහ දරු දැරියන් පිරිසක් සහභාගිවී සිටියහ.

කන්තලේ සමූහ සුමිත්‍රා කුමාරිහාමි 

නව අදහස දක්වන්න