වෛද්‍ය වර්ජනය අවසන් - update | දිනමිණ

වෛද්‍ය වර්ජනය අවසන් - update

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පැවති සාකච්ඡාවෙන් පසු, තම වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මේ බව පැවසුවේ මේ වනවිට කොළඹදී පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ය.

වෙදුන් සහ ජනපති සාකච්ඡාවක  - update

වර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට ජනපතිවරයා සමග සාකච්ඡාවක නිරත වෙති.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.......

වෛද්‍ය වර්ජනය අදත් ක්‍රියාත්මකයි - update

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාමත්මක කර ඇති වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ අද පස්වරු 04.00ට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව රැස්වී ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරන බවය.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සහ විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් පසුගිය 22 වනදා සිට වෛද්‍යවරු වර්ජනයේ නිරතවේ.


නව අදහස දක්වන්න