අනියම් පෙමක් 03ක් රෝහලට යවයි | දිනමිණ

අනියම් පෙමක් 03ක් රෝහලට යවයි

කොටදෙණියාව, හෙලගම, කිතුල්වල ප්‍රදේශයේදී එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී තිබේ.

 පොලීසිය පැවසුවේ පහරකෑමෙන් බරපතළ තුවාල ලැබු  මව සහ දරුවන් දෙදෙනා මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී එක් දරුවෙකු මියගොස් ඇති බවයි.

මියගොස් ඇත්තේ 06 හැවිරිදි කුඩා දැරියක බව පොලීසිය සඳහන් කළේය.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ මව සහ අනෙක් දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර ඝතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

කොටදෙණියාව පොලීසිය සිද්ධිය  සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

නව අදහස දක්වන්න