ලංකාවට පොඩි වූ මහේලට ක්‍රිකට් ලොකු පුටුවක් | දිනමිණ

ලංකාවට පොඩි වූ මහේලට ක්‍රිකට් ලොකු පුටුවක්

පුරප්පාඩු වී ඇති ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට ශ‍්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන අයදුම් කරනු ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කර තිබේ.

ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ මහේලගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර අයි පී එල් ශූරතාව දිනා ගැනීමයි.

මහේල අයි පී එල් තරගාවලියක් සඳහා පුහුණුකරුවෙකු ලෙස එක්වූ පළමු අවස්ථාව එය ලෙසටයි සැලකෙන අතර ඔහු ඊට පෙර එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස ද කටයුතු කළේය.

කෙසේ වෙතත් මහේලට අමතරව විරේන්ද්‍ර ශෙවාග් සහ ටොම් මූඩි යන හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් ද ඉන්දීය ප‍්‍රධාන පුහුණුකරු ධුරයට අයදුම් කරනු ඇති බවටයි පැවසෙන්නේ.

මේ අතර ග‍්‍රැහැම් ෆෝඞ්ගේ ඉල්ලා අස්වීමත් සමග ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධන පුහුණුකරු ධුරය ද මේ වනවිට පුරප්පාඩුව පවතියි.

ඊට මහේල ජයවර්ධනගේ නම ද යෝජනා වී තිබුණ ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු ධුරය දැරීමට මහේලට තවමත් අත්දැකීම් නොමැති බවයි. 

අදහස් 1ක් ඇත

Thilanga is a businessman. What does he know about SL cricket? How could he say about Mahela? These are the reasons for loosing our cricket day by day. Yes. India will try to Mahela. Ohh. Poor Thilanaga says " Mahela is still not an experienced for SL cricket". Such situation also happened regarding to the Chandika Hathurusinghe. How about now Bangladesh? Are they behind of us Thilanga?

නව අදහස දක්වන්න