විදුහල්පති මාරුකරන්නැයි මවුපියෝ උද්ඝෝෂණයක | දිනමිණ

විදුහල්පති මාරුකරන්නැයි මවුපියෝ උද්ඝෝෂණයක

 

ළමයින්ගේ අධ්‍යාපන පරිපාලනය කඩා වැටී ඇති හෙයින් විදුහල්පති වරයා වහාම මාරු කරන ලෙස ඉල්ලා කන්තලේ ත්‍රි/මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ පාසල් සංවර්ධන සමිතියේ මෙයෙවීමෙන් උද්ඝෝෂණයක් පැවැත්විණි.

පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණය පැවැති අතර එම ස්ථානයට පැමිණි නැ/පළාත් සභා මන්තී වෛද්‍ය අරුණ සිරිසේන හා නැ/පළාත් අධ්‍යාපන ලේකම් අසංක අබේගුණවර්ධන මහත්වරුන් විසින් මවුපියන් හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කොට දින 14 ක් ඇතුළත විසැඳුමක් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසු පිරිස විසිර ගියහ.

කන්තලේ සමූහ සුමිත්‍රා කුමාරිහාමි
ඡායාරූපය- කන්තලේ සමූහ

නව අදහස දක්වන්න