රාගමදී ලක්ෂ 78 ක කොල්ලයක් | දිනමිණ

රාගමදී ලක්ෂ 78 ක කොල්ලයක්

කඩවත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිමි ඇඳුම් අලෙවිසැලකට මුදල් රැගෙන පැමිණෙමින් තිබූ වෑන් රථයකට රාගම දී කිසියම් පිරිසක් විසින් වෙඩි තබා එහි තිබූ රුපියල් ලක්ෂ 78 ක මුදලක් පැහැරගෙන ගොස් තිබේ.

කඩවත පොලීසිය සඳහන් කළේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෑන් රථයට වෙඩි තබා අද දහවල් මෙලෙස මුදල් පැහැරගෙන ගොස් ඇති බවයි.

මෙම නිමි ඇඳුම් අලෙවිසැලේ වත්තල ශාඛාවේ තිබූ මුදල් කඩවත ශාඛාව වෙත රැගෙන එමින් තිබියදි යි මෙම කොල්ලකෑම සිදුව ඇත්තේ.

නව අදහස දක්වන්න