කෑගල්ලේ ඉපැරැණි විහාර රැසක් විනාශ වී යෑමේ තර්ජනයක | දිනමිණ


 

කෑගල්ලේ ඉපැරැණි විහාර රැසක් විනාශ වී යෑමේ තර්ජනයක

රඹුක්කන උතුර සමුහ විපුල එස් කුමාරතුංග
කඩි­ග­මුව විහා­ර­ස්ථා­නයේ ටැම්පිට විහාර මන්දිර ඡායාරූප - රඹුක්කන උතුර සමූහ

ඓතිහාසික පුරාවිද්‍යාත්මක මෙන්ම කලාත්මක අතින් වටිනාකමකින් යුත් වෙහෙර විහාරස්ථාන රැක ගනිමින් ඒවා සංරක්ෂණය කළයතු බව කෑගල්ල දිස්ත්‍රික්කයේ ගිහි පැවිදි වියත්හු පෙන්වා දෙති.

500කට ආසන්න වෙහෙර විහාරස්ථාන ඇති කෑගල්ල දිස්ත්‍රික්කයේ ටැම්පිට විහාරස්ථාන 49ක් ද ලෙන් විහාර 52ක් ඇති බවට තොරතුරු වාර්තාවේ.

අද වනවිට ඇතම් පුරාණ විහාරස්ථාන රැසක ගොඩනැඟිලි,බුදුපිළිම,හා චිත්‍ර කර්මාන්ත විනාශ වී යෑමේ තර්ජනයකට මුහුණපා තිබෙන අයුරු දැකගැනිමට පුළුවන.මැනික්කඩවර පුරාණ විහාරය,කඩිගමුව ශ්‍රී නාගවනාරාමය,ලෙවන්ගම ශ්‍රි සදානන්දාරාම පුරාණ විහාරය,අස්මඩල ශ්‍රී සුගතබිම්බාරාමය,රංවල පුරාණ විහාරය,මෝරාගම්මන ශ්‍රී මයුරපාද රජමහ විහාරය,වට්ටාරම විහාරය ඇතුළු විහාරස්ථානවල චිත්‍ර කලාව විනාශ වී ඇත.එසේ ඇතැම් ටැම්පිට විහාරස්ථානවල නෙළා ඇති පිළිම,හා වටිනා දැවයෙන් නිමවන ලද දැවමය නිර්මානයන්ද ඇතැම් විහාරස්ථානවල දක්නට නොමැත.

ටැම්පිට පිළිමගෙය 17 වැනා සියවසේ බිහි වු නිර්මාණ විශේෂයන් වන අතර,ඒවායේ නිර්මාණ කලාව දියුණු වී ඇත්තේ මහනුවර යුගයේදීය.සතර කෝරළයේ ඇති ටැම්පිට වෙහෙර විහාර මහනුවර රාජධානි සමයේ බිහි වු බවට පැරැණි සංදේශවල සඳහන් වේ.

සතර කෝරළයේ පිහිටි ටැම්පිට විහාර අතරින් බොහොමයක් විහාර වල චිත්‍ර කලාව හා ගෘහ නිර්මාණ කලාව විනාශ නොවී ආරක්ෂාකාරීව පවතින අතර,විහාරස්ථාන කීපයක පමණක් මෙම කලාවන් විනාශයට යමීන් පවතී.මෙම ටැම්පිට විහාර ප්‍රතිසංස්කරණය ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟිනි.මෑත භාගයේ පුරාවිදයා දෙපාර්තමේන්තුව මෙම ක්‍රියාවලිය හරියාකාරව සිදු නොකරන බවට භික්ෂුන් වහන්සේගෙන් චෝදනා එල්ලවති. 

 

නව අදහස දක්වන්න