අල්ලස් ගත් OICට වසර 28ක සිරදඬුවමක් | දිනමිණ

අල්ලස් ගත් OICට වසර 28ක සිරදඬුවමක්

හලාවත පොලිස් ස්ථානයේ, බුද්ධි අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට බරපතල වැඩ සහිත වසර 28ක සිරදඬුවමක් අද නියම කර තිබේ.

සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 05ක දඩ මුදලක් ද අධිකරණය මගින් නියම කර ඇති බව ද සදහන්.

උප පොලිස් පරීක්ෂක හේරත් මුදියන්සේලාගේ උදය හේරත් නමැති  සැකකරු 2008 වසරේදී, අතුරුදන් වූ පුද්ගලයෙක් සොයාදෙන බවට පවසා ඥාතීන්ගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලස් මුදලක් ලබාගෙන ඇති අතර ඒ අනුව චෝදනා 08ක් යටතේ අල්ලස් කොමිසම සැකකරුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

කොළඹ මහාධිකරණය විසින් මෙම නඩුව විභාගයට ගත් අතර ගොනුකර තිබූ චෝදනා 08න් චෝදනා 04කට සැකකරු වැරදිකරු වී ඇත.

ඒ, අනුව එක් චෝදනාවකට වසර 07 බැගින් අවුරුදු 28ක් වසර 07ක් තුල ගෙවීයන පරදී බරපතල වැඩ සහිත සිරදඬුවමක් අධිකරණය විසින් නියම කෙරිණ.

නව අදහස දක්වන්න