උතුරේ නව ඇමතිවරු දිවුරුම් දෙති | දිනමිණ

උතුරේ නව ඇමතිවරු දිවුරුම් දෙති

උතුරු පළාතේ ප‍්‍රධාන අමාත්‍ය වශයෙන් කටයුතු කරන සී.වී. විග්නේෂ්වරන් උතුරු පළාතේ මුදල් හා ක‍්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ත්ව පාලන, වාරිමාර්ග, ජලසම්පාදන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් අද (29) දිවුරුම් දී ඇති බව වාර්තාවේ.

මේ අතර අනන්ති ශෂිධරන් උතුරු පළාත් කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමූපකාර, ආහාර සැපයුම් හා බෙදා හැරීම්, කර්මාන්ත සහ ව්‍යවසාය ප‍්‍රවර්ධන අමාත්‍යවරිය වශයෙන්ද ආචාර්ය කන්දයියා සරවේෂ්වරන් උතුරු පළාත් අධ්‍යාපනය, ක‍්‍රීඩා සහ යෞවන කටයුතු, සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර දිව්රුම් දී ඇත.

 

නව අදහස දක්වන්න