විද්‍යා ඝාතනය පිටරටක දී සැලැසුම් කරලා | දිනමිණ

විද්‍යා ඝාතනය පිටරටක දී සැලැසුම් කරලා

 විද්‍යා ඝාතනය පිටරටක දී සැලසුම් කරන ලද අපරාධයක් බවත් මේ සඳහා කෝටි ගනන් මුදල් ගනු-දෙනු සිදුව ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සැකකරුවන්ගේ කෙනකු වන ස්විස් කුමාර් නමැත්තා දඬුවම්වලින් මිදීම සඳහා රුපියල් මිලියන 20ක ගනුදෙනුවක් කතාකර ඇති බව යාපනය මහධිකරණයේදි අනාවරණය විය.

විද්‍යා ඝාතන නඩු විභාගය ඊයේ (28) යාපනය මහධිකරණයේ දී වවුනියාව, යාපනය හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරන් ඉදිරියේ විභාගයට ගැනිණි. එහිදි සාක්කි දුන් වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඒ බැව් පැවැසීය.

සැකකරුවන් පිළබඳ සිදුකෙරුණු දීර්ඝ විමර්ශනයක දී මේ බැව් අනාවරණය වුබව ද සඳහන් කළ ලිවේරා මහතා විපතට පත් පාර්ශ්වයට සාධාරණයක් කරන ආකාරයෙන් මෙම විමර්ශන සිදුකෙරුණු බවත් අනාවරණය කළේය.

මෙම අපරාධයට ලබාදෙන තීන්දුව සියලු ජනතාවට අලුත් පණිවුඩයක් දෙන ආකාරයෙන් තිබිය යුතු බවත් වැඩබලන නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම ඝාතනය පිටරටකදී සැලසුම් කර සිදුකිරීමෙන් රටට අපකීර්තියක් අත්කර දී තිබෙන බවත් පෙන්වා දුන්නේය.

මෙම නඩුව 29, 30, ජූලි 3, 4, හා 6 දිනවල තවදුරටත් විභාග කෙරේ.

නව අදහස දක්වන්න