Mushrooms and Spinach Italian Style වීඩියෝ සහිතයි. | දිනමිණ

Mushrooms and Spinach Italian Style වීඩියෝ සහිතයි.

නලින් දිල්රුක්ෂ
Mushrooms and Spinach 
Italian Style වීඩියෝ සහිතයි.
අවශ්‍ය දෑ
ඔලිව් ඔයිල් තේ හැදි හතරක්
කපාගත් රතුළූණු ගෙඩි දෙක තුනක්
තලාගත් කරාබු නැටි දෙක තුනක් හා එනසාල් ඇට දෙක තුනක්
සිහින්ව තලාගත් සුදුළූණු බික් හතර පහක්
බට්න් මෂ්රුම් (බෝල හතු) හත අටක්
හතු පමණට සෑහෙන්න නිවිති කොළ 
balsamic vinegar (විනාකිරි ස්වල්පයක්) නියමිත දේ සොයාගැන්මට අපහසුනම් විකල්පයක් යොදන්න.
තිබේ නම් වයිට් වයින් හැඳි කීපයක්
අවශ්‍ය පමණට ලුණු හා ගම්මිරිස් කුඩු
පාර්ස්ලි ස්වල්පයක් 
 
පළමුව සාස්පානක් ලිප තමා මධ්‍යම උෂ්ණත්වයේ ගින්දරින් රත් වෙන්න හැර එයට ඔලිව් තෙල් එක්කරන්න. දැන් එයට සුදු ළූණු හා තලාගත් කරාබුණැටි රතුළූණු එක්කර හොදින් රත් වෙන්න හැර එයට කපාගත් හතු එකතු කරන්න. විනාඩි තුන හතරක් හතු ටික තෙලේ තෙම්පරාදුවෙන්නට දී අනතුරුව කපාගත් නිවිති කොළ එකතු කරන්න.
නිවිති කොළ හොඳින් හැකිලී වර්ණ වෙනස් වෙන විට එයට විනාකිරි ස්වල්පයක් හා තිබේ නම් වයිට් වයින් එක්කර මද ගින්නේ ටිකක් පිස ගන්න. ඔබට කටට සැර ගති යක් අවශ්‍ය නම් කැලි මිරිස් හෝ මිරිස් ස්වල්පයක් එක් කරගත හැකිය. අවසානයේ ලිපෙන් බාන්නට පෙර අවශ්‍ය පමණට ලුණු හා ගම්මිරිස් එක් කරගන්න. දැන් රසවත් කෑමක් සුදානම්. මේසයට යවන්න කලින් පාර්සිලි සිහින්ව කපා උඩින් විසුරුවා හරින්න.
 
Heat the olive oil in a large skillet over medium-high heat. Saute onion and garlic in the oil until they start to become tender. Add the mushrooms, and fry until they begin to shrink, about 3 to 4 minutes. Toss in the spinach, and fry, stirring constantly for a few minutes, or until spinach is wilted.
 
Add the vinegar, stirring constantly until it is absorbed, then stir in the white wine. Reduce heat to low, and simmer until the wine has almost completely absorbed. Season with salt and pepper to taste, and sprinkle with fresh parsley. Serve hot.

නව අදහස දක්වන්න