පයින් නොයා දේලාවෙන් ගිය ප්‍රභූන් | දිනමිණ

පයින් නොයා දේලාවෙන් ගිය ප්‍රභූන්

මාතලේ දිස්ත්‍රික් සමුහ - ඒ.ඒ.එල්.ඩයස්

පුරාණයේ අප රටේ ප්‍රභූන්ගේ ගමන් බිමන් සදහා ඔවුන් විසින් යොදාගන්නා ලද්දේ දෝලාවන්ය.නමුත් කාලයාගේ ඇවෑමෙන් යාන වාහන ධාවනය ආරම්භවෙත්ම ක්‍රමයෙන් මෙම දෝලාවන් භාවිතා කිරීම අභාවයට ගියත් තවමත් මෙම දෝලාවන් ඇතැම් ස්ථානයන්හි කෞතුක වස්තූන් ලෙස ශේෂව පවති.

19 වන සියවසෙහි අගභාගය දක්වා කන්ද උඩරට පෙදෙසේ තැනින්තැන මෙම දෝලාවන් භාවිතාකර ඇති බව ජනප්‍රවාදයන්ගෙන් අණාවරනයවේ.නමුත් 20 වන සියවස ආරම්භයේ සිට මෙම දෝලාවන් භාවිතය පිළිබද කිසිදු තොරතුරක් සොයාගත නොහැක.

මේ අතර තවමත් අතීතයේ ප්‍රභූන් විසින් ගමනා ගමනය සදහා යොදාගත් දෝලා මේ දක්වා පැරණි විහාරස්ථානයන්හි කෞතුක වස්තූන් ලෙස තබාගන ඇත.

බ්‍රිතාන්‍යයන්ට එරෙහිව 1848 වසරේදි ඇතිවු උඩරට කැරැල්ලට සම්බන්ධ කුඩාපොළ උන්නාන්සේ කලක් සැගවී සිටි බව කියන මාතලේ දිස්ත්‍රික්කයේ කන්දපල්ල කෝරලයට අයත් නාගොල්ල පුරාණ විහාරයෙහි තවමත් පැරණි දෝලාවක් ශේෂව පවති. වසර දෙසීයක් පමණ පැරණි මෙම දෝලාවේ දැනට දක්නට ඇත්තේ ලීයෙන් තනාඇති ආකෘතිය පමණි. එමෙන්ම මෙය රැගෙන ගිය උණලීය ඒ ආකාරයෙන් තිබීමද ඉතා වැදගත්වේ.

එමෙන්ම වීර කැප්පෙටිපොළ නිලමේ විසු පල්ලේපොළ නිවාස පරිශ්‍රයෙහි පසුකාලයේ වේළුවනාරාම විහාරස්ථානය ආරම්භකර ඇති අතර එහි මෙම පැරණි දෝලාවක් දක්නට ඇත. එය පසුකාලයේ කවීකරණයකර ඇතත් ඒ සදහා යොදාගත් පැරණි ලීරාමුව සහ උණලීයද ඒ ආකාරයෙන්ම දක්නට තිබේ.

මේ සම්බන්ධයෙන් නාගොල්ල පුරාණ විහාරාධිපති පූජ්‍ය මැදබැද්ද වජිරඤාණ හිමියන් පැවසුවේ මෙසේය.

මීට සියවස් දෙකකට පමණ පෙර සිට අස්ගිරි පාර්ශවයේ නායක හිමිවරුන් පෙදෙසේ විහාරස්ථානවලට වැඩමකිරීම සදහා පළමුවෙන් වැඩමකර ඇත්තේ මෙම විහාරස්ථානයටයි. මෙහි සිට උන්වහන්සේලා අවට විහාරස්ථානයන්ට වැඩම කළේ මේ දෝලාවෙන්.

එහි වාඩිවීම සදහා තිබූ වේවැල් ආවරණය දැන් කැඩිලා. මෙය ඔසවාගන ගිය උණලීය මේ තියෙන්නේයැයි උන්වහන්සේ අවසාන වශයෙන් පැවසීය.

පල්ලේපොළ වේළුවනාරාම විහාරාධීපති පූජ්‍ය මේල්පිටියේ විමලරතන හිමියෝ මේ සම්බන්ධයෙන් මෙසේ සදහන් කළේය.

මෙම විහාරස්ථානය ආරම්භයේ සිටම මෙම දෝලාව විහාරස්ථානයේ තිබෙනවා. අතීතයේ මෙය යොදාගන ඇත්තේ ප්‍රභූන් ගෙනයාමටයි. පසුකාලයේ මේ දෝලාව පිළිසකරකර ඇතත් එහි පැරණි ලීරාමුව සහ මෙය රැගෙන ගිය උණලීය ඒආකාරයෙන්ම දක්නට තිබීම වැදගත් බව උන්වහන්සේ කියාසිටියේය.

නව අදහස දක්වන්න