බොරැල්ල රථවාහන ලොක්ක‍‍ා ඇතුළු සැක 9දෙනා ලබන 14තෙක් රිමාන්ඩ් | දිනමිණ

බොරැල්ල රථවාහන ලොක්ක‍‍ා ඇතුළු සැක 9දෙනා ලබන 14තෙක් රිමාන්ඩ්

සිරන්ජනි කුමාරි

අකුණු සන්නායකයක් හා රන්ආභරණ ඇතුළු මුදල් කොල්ලකැමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් නවදෙනා තවදුරටත් ලබන මස 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (30) නියම කළේය.

සැකකරුවන් තුවක්කු ආඥා පනත අනුව ඉදිරිපත් කර ඇති බව සදහන් කළ නීතිඥයින් එක් එක් සැකකරුවන් සිදු කරන ලද අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණය කැඳවා ඇති බැවින් එම කරුණු සළකා සැකකරුවන් ඇප මත මුදා හරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සි‍ටියහ.

තවද පුරාවස්තු සම්බන්ධ පනත අනුව අධිකරණයට කරුණු වාර්තා කර නැති බව පැවසු නීතිඥයින් තුවක්කුව අත්අඩංගුවට ගෙන නැති බව‍ පෙන්වා දෙමින් සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දුරකථන වාර්තා හා සී.සී‍.ටී.වී දර්ශන අනුව සැකකරුවන් සම්බන්ධ ක්‍රියා අනාවරණය වන බව පැවසු පොලිසිය සැකකරුවන් නවදෙනා මෙම අපරාධය කලින් සංවිධානය කර සිදු කර ඇති බව පැවසීය.

බොරැල්ල රථ වාහන ස්ථානාධිපතිගේ රිවෝල්වරයා මෙම අපරාධය සදහා යොදාගෙන ඇති බව පැවසු ‍පොලිසිය ඇසින් දු‍ටු පොලිස් සාක්කිකරුවන් ද සිටින බව පැවසිය.

සොරා ගන්නා ලද රන්භාණ්ඩ සොයා ගෙන නැති බව පැවසු පොලිසිය සැකකරුවන් හිතා මත් මෙම අපරාධය කළ බවත් ඔහුන් ඇප මත මුදා හරිමට සිය විරෝධය පළ කරන බව පැවසීය.

පළාත් සභා මන්ත්‍රි වොයිස් ප්‍රනාන්දු මහතාගේ ලඝුලේඛක‍ට අයත් කෝටි 60කට ආසන්න වටිනාකමින් යුතු අකුණු සන්නායකයක් ඇතුළු රුපියල් 5.5000ක් රන්ආභරණ සොරා ගැනිම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් කුරුදුවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.

සිංහකුට්ටිගේ රංජන් ආරියරත්න,ජෝර්ජ් මංජුල,දොන් ශානක නාකන්දන,රංග අසේල ප්‍රිය කැළුම්,බොරැල්ල රථ වාහන ‍අංහයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගමගේ ධම්මික සංජිව රාජපක්ෂ,බොරැල්ල හිටපු දුෂණ මර්දන ස්ථානාධිපති කිරුළපන උප පොලිස් පරික්ෂක ගිහාන්ත ලක්ෂාන් ,පොලිස් කොස්තාපල් (23024)ගයන්ත හසන්ත කුමාර දසනායක,කොස්තාපල් (76836) නුවන් ගයන්ත තිසේරා ,කොස්තාපල් (36958)ජානක නිශාන්ත සරණපාල යන සැකකරුවන් මෙසේ බන්ධනාගාරගත කෙරිණි. 

නව අදහස දක්වන්න