කතරගම අනවසර වෙළෙඳසල් ඉවත් කරයි | දිනමිණ

කතරගම අනවසර වෙළෙඳසල් ඉවත් කරයි

කතරගම ප්‍රදේශයේ පරිපාලන ආයතනයන්ට බාධාවක් වෙමින් කාලයක් තිස්සේ නගරය හා ආසන්නයේ පවත්වාගෙන යමින් තිිබූ අනවසර වෙළෙඳසල් ඉවත් කිරීම 30 දින සිදුකරන ලදී.

වන්දනා පිණිස කතරගම නගරයට පැමිණෙණ ජනතාවට වන අසීරුතාවද, පරිපාලන කටයුතුවල අවශ්‍යතාවද, සලකා මෙවන් අනවසර ඉදිකිරීම් නිරන්තරව සිදුකරනු ලබන බවත්, රුහුණු කතරගම මහදේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය වෙනුවෙන් ඉදිරි කාල සීමාවේ දී දිනපතා කණ්ඩායම් යොදවා අනවසර ඉදිකිරීම් කටයුතු පාලනය කිරීමට කටයුතු යොදන බවත්, මෙම කටයුත්ත මෙහෙයවූ කතරගම ප්‍රාදේශීය සභාවේ ලේකම් කේ.එල්.ඒ.එල්.ජයතිලක මහතා පැවසීය. කතරගම ප්‍රාදේශීය සභාව, කතරගම පොලීසිය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව සිදුකළ මෙම ඉවත් කිරීම් වෙනුවෙන් ප්‍රදේශවාසී ජනතාව එම ආයතන වෙත කෘතඥතාව පළකරති..

කතරගම- සංචාරක කේ.ඞී.දේවප්‍රිය
ඡායාරූපය - කතරගම සංචාරක

නව අදහස දක්වන්න