ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 60 දෙනෙක් MDRT සමුළුවට | දිනමිණ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 60 දෙනෙක් MDRT සමුළුවට

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජිවිත රක්ෂණ විකුණුම් අංශයේ සාමාජිකයෝ 60ක් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔලාන්ඩෝ, නගරයේ පැවැත්වූ Million Dollar Round Table (MDRT) යන ලොව විශිෂ්ටතම රක්ෂණ හා මූල්‍ය සේවා ආයතන වලට සම්බන්ධ වෘත්තීකයන්ගේ සමුඵවට සහභාගී වීමට සුදුසුකම් ලැබූහ.

MDRT සාමාජිකත්වය යනු ජීවිත රක්ෂණ හා මූල්‍ය සේවා වෘත්තීකයන්ට හිමිවන උසස්ම සහතිකයකි. මෙය තමා ගනුදෙනු කරන්නේ ජීවිත රක්ෂණ අංශයේ විශිෂ්ටතමයින් සමග බව මහජනතාවටද දැනුම් දෙන සහතිකයක් වේ.

2016 වසරේදී දැක්වූ දක්ෂතා නිසා මෙලෙස ඔවුහු MDRTසඳහා තොරා ගනු ලැබූහ. සමුඵවට සහභාගීවීමට සුදුසුකම් ලැබීම සඳහා ඔවුන්ට රුපියල් මිලියන 4.9ක වාරික ලබාගත යුතු වූ අතර Court of the Table හා Top of the Table සාමාජිකත්වය ලැබීම සඳහා රුපියල් මිලියන 14.9 හා 29.8ක වාරික ලබාගත යුතු විය.

MDRT යනු ලොව ප්‍රමුඛතම ජීවිත රක්ෂණ හා මූල්‍ය සේවා වෘත්තිකයින්ගෙන් සැදුමිලත් ස්වාධීන සමුඵවකි. එහි සාමාජිකත්වය ලබන්නේ ඉහළ මට්ටමේ වෘත්තීය දැනුමක්, පාරිභෝගික සේවාවක් හා හැසිරීම්රටාවක් පෙන්නුම් කළ වෘත්තීකයින් පමණි.

නව අදහස දක්වන්න