මින්නේරිය මහරත්මලේ ප්‍රදේශයේ දි අද (04) පස්වරුවෙි වයස අවුරුදු හතරක පිරිමි දරුවෙකු මව සහ සුඑ පියාගේ පහර දිම හෙතුවෙන් මරණයට පත්ව ඇති බව මින්නේරිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අංක 89 මහරත්මලේ මින්නේරිය පදිංචි දිලිප එරංග බංඩාර (04) නැමැති සිගිති දරුවාය.
හිගුරක්ගොඩ රෝහල් පොලිසිය පවසන පරිදි අද පසවරු 2 පමණ ත්‍රීවීලර් රථයකින් කුඩා දරුවෙකු රෝහල වෙත රැගෙන ආ බවත් එහිදී දරුවාගේ භාරකරුවන් පවසා ඇත්තේ දරුවා බිම වැටීමෙන් තුවාල සිදුවූ බවය.
පසුව රොහල් පොලිසිය සැක පිට භාර කරුවන් අත්අඩංගුවට ගෙන ඇත.රෝහල වෙත ගෙන එන විටත් දරුවා මියගොස් සිටි බවට වෛද්‍යවරු පවසු බව රෝහල් පොලීසිය සදහන් කරයි.
වැඩිදුර පරික්ෂණ මින්නේරිය පොලිසිය පවත්වයි.
අදහස් 1ක් ඇත
owun minisunda ,,,thirisanunda,
නව අදහස දක්වන්න