උතුරු කොරියාව නව මිසයිල අත්හදා බැලීමක | දිනමිණ

උතුරු කොරියාව නව මිසයිල අත්හදා බැලීමක

උතුරු කොරියාව නව බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව විදෙස් වාර්තා පවසයි.

දකුණු කොරියානු සහ ජපාන බලධාරීන් පවසන්නේ, අද උදෑසන ගුවනට යොමු කෙරුණු මෙම මිසයිලය සිය විශේෂ ආර්ථික මුහුදු කලාපයට අයත් බටහිර මුහුදු තීරයේ පතිත වන්නට ඇති බවයි.

උතුරු කොරියාව පසුගිය කාලය තුළ සිය මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් ඉහළ නැංවීය.

නව අත්හදා බැලීම සිදුවී ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ පිළිබදව චීන සහ ජපාන නායකයන් සමඟ සාකච්ඡා කර දිනක් ගතවීමට පෙරයි.

නව අදහස දක්වන්න