මේනකා මධුවන්තිට වැලේ වැල් නැතිවෙයි | දිනමිණ

මේනකා මධුවන්තිට වැලේ වැල් නැතිවෙයි

මේනකා මධුවන්ති මෙච්චර කල් රඟපාලා තියෙන්නේ මහ පොළවේ පය ගහලා.

එහෙත් පසුගිය දිනෙක ඇයට අඩි දහයක් විතර උඩ සිට රඟපාන්න වුණාලු. ඒකත් කමක් නැහැ කියමුකො, මේනකා මෙහෙම අඩි දහයක් උඩ ඉඳලා රඟපාලා තියෙන්නේ වැලක එල්ලිලා.

ඊට හපන් ඇය මෙලෙස වැලේ එල්ලිලා තියෙන්නේ තනියම නම් නෙවෙයි.

ටෙනිසන් කුරේත් එක්ක.

සාමාන්‍යයෙන් ටෙනිත් එක්ක මහ පොළවේ ඉන්නත් අමාරුයි.

මොකද ඔහු නිතරම අපව හිනස්සන නිසා.

ඒ ටෙනී සමඟ වැලක එල්ලිලා ඉන්න ලැබෙන එක කොතරම් අමාරුයිද කියලා දැනෙන්න ඇත්තේ මේනකාටම තමයි.

මේ ඩබල වැලක එල්ලිලා රඟපාලා තියෙන්නේ සුදේශ් වසන්ත පීරිස්ගේ නවතම සිනමාපටයේ.

ඒකේ නම නැති බැරි ටාසන්.

යාල කැලෑවෙ රූගතවුණ නැති බැරි ටාසන් ළඟදීම තිරයට ඒවි.

නව අදහස දක්වන්න