නොදිරන කසළ වර්ගීකරණය කර මිල දී ගැනීමේ පොළක් | දිනමිණ

නොදිරන කසළ වර්ගීකරණය කර මිල දී ගැනීමේ පොළක්

භාවිතයෙන් ඉවත් කෙරෙන නොදිරන කසළ වර්ගීකරණය කරමින් මිල දී ගැනීමේ කසළ පොළක් මාදිවෙල ප්‍රජාමණ්ඩල භූමියේ දී පසුගියදා පැවැත්විණි. මාදිවෙල, තලපත්පිටිය, තලවතුගොඩ ,මිරිහාන, කොට්ටේ සහ ඇඹුල්දෙණිය යන ප්‍රද්‍ෙශ වලින් පවා මෙම කසළ පොළ වෙත නිවැසියෝ තම සන්තකයේ පැවැති කසළ රැගෙන ආහ.

පරණ යකඩ සඳහා රුපියල් විස්සක්ද, පොල්කටු සදහා රුපියල් හයක්ද, පොලීතීන් සහ ප්ලාස්ටික් සඳහා රුපියල් තිහක් තිස්පහක්ද, කඩදාසි කාඩ්බෝඩ් වෙනුවෙන් රුපියල් දහයක් සහ වීදුරු බෝතල සහ විදූරුවෙනුවෙන් කිලෝවකට රුපියල් බැඟින් එවෙලේම මුදල් ගෙවනු ලැබීය.

කසළ රැගෙන පැමිණි බොහෝ අය කියා සිටියේ මෙම කාර්යය ඉතා කාලෝචිත බවත් නිවෙස් වෙතින් කුණු රැගෙන යැමට පැමිනෙණ නගර සභාවේ ලොරි විකුණන්න පුළුවන් දැ පමණක් රැගෙන යන් බැවින් සමහර දිනවල දී ඉතා අසීරුතාවලට මුහුණ පානා බවත්ය. මෙම ව්‍යාපෘතිය වඩා කාලෝචිත බවත් පැවැසූහ. ජාතික වැඩපිළිවෙළ ලෙස ක්‍රියාත්මක වුවහොත් මෙමඟින් කසළ ප්‍රශ්නයට ස්ථිර විසදුමක් මෙන්ම සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ලෙස ජනතාවට ජීවත් වීමට අවස්ථාව ලැබෙන බවත් පැවැසූහ.

මහරගම නගර සභාව. සහ කොට්ටේ නගර සභාව,මහරගම සහ කොට්ටේ වෛද්‍ය නිලධාරි කාර්යාල, මාදිවෙල ප්‍රජාමණ්ඩලයේ සභාපති කරුණාරත්න සිගේරා, සහ මහරගම ප්‍රජා පොලීසියේ ස්ථානාධිපති පො ප. චින්තක පෙරේරා, යන ආයතන සහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කසළ මිල දී ගැනීමේ පොළ සංවිධානය කර තිබුණි.

පන්නිපිටිය විශේෂ අනිල් ලසත් පෙරේරා

නව අදහස දක්වන්න