වසර 26ක් කඳුළු ෙබාන උණුවතුර බුබුල ජනපදවාසීහු | දිනමිණ

වසර 26ක් කඳුළු ෙබාන උණුවතුර බුබුල ජනපදවාසීහු

පදියතලාව ‘නව ගම්මානයේ’ සුහද එකමුතු කාන්තා සංවිධානයේ සාමාජිකාවන්ගේ කතාවයි මේ. සුහද එකමුතු කාන්තා සංගමයේ සභාපතිනී පී.ජී. ඉන්ද්‍රානි මහත්මිය - උණුවතුර බුබුල අපේ ගමේ අවුරුදු 26කට ඉස්සර 25 දෙනෙක් කොටි කපලා මැරුවා. එදා ඉඳලා අද වෙනකම් අපි මොනතරම් කැපවීම් කළත් අපේ ජීවිතවලට සාධාරණය තවමත් ඉටුවෙලා නෑ කියලයි හිතෙන්නේ.

ලීලාවතී මහත්මිය - 1991 ජනවාරි මාසයේ 23 දින උණුවතුර බුබුල ගමම ත්‍රස්තවාදීන් කපා කොටා මළ ගෙයක් කළා. 26 වසරක් ගෙවී ගියත් අපේ ජීවිතවලට තවමත් ආලෝකයක් නම් ලැබිලා නෑ. රජයෙන් හෝ වෙනත් රාජ්‍ය නොවන සංවිධානවලින් අපේ ජීවිත ගොඩනගා ගන්න උදව් උපකාර ලැබුණේ නෑ.

සුහද එකමුතු කාන්තා සංගමයේ ලේකම් විමලාවතී මහත්මිය - මේ උවදුරෙන් පසු පදියතලාව හේන් වගා කර අත්හැර දැමූ මුඩුබිමක්. අපි නිලධාරීන්ට කිව්වා මේක මුඩු බිමක් වුණාට අපිට පහසුකම් දෙනවා නම් කාන්තාවන් විදියට අපිට ඉදිරියට යන්න පුළුවන් බව. අපිට වතුර තියෙනවා නම් මල්, එළවළු. පලතුරු හෝ අතුරු බෝග වගා කරන්න පුළුවන්.

පියසීලි මහත්මිය - ඒ කාලේ හිටපු නිලධාරීන් අනාථ වූ අපි සිටි මේ ගම්මානයට ‘සරණාගත ගම’ නමින් නම් කරලා තිබුණා. ඒත් දැන් අපේ දරුවන්ගේ දරුවනුත් ඉන්නවා. අපේ ගමට ඒ නම ගැළපෙන්නේ නෑ. ඒ හින්දා අපිම එකතුවෙලා ගමේ නම ‘නව ගම්මානය’ කියලා වෙනස් කරගත්තා.

උපලේකම් සුනේත්‍රා මහත්මිය - ගමට යන්න තියෙන්නේ අඩි පාරක්. දරුවෙකුට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න විදිහක් නෑ. අපේ ලෝකය අඳුරු වුණාට දරුවන්ගේ ලෝකය අඳුරුවෙන්න දෙන්න බෑ. ගමට අවශ්‍ය මූලික පහසුකම් ටිකවත් දෙන්න අපි ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

සෝමාවතී මහත්මිය - අපේ ගමට වැවක්වත් හදලා දෙනවා නම්. අපේ ප්‍රශ්න ගොඩකට විසඳුම් ලැබෙනවා. අම්පාරේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්. වීරසිංහ මහත්තයා අපේ ගමට වැවක් හදන්න මුල්ගල තිබ්බා. ඒ මහත්තයා එක්කම ඒ මුල්ගලත් මිය ගිහින්. අපේ ගම ළඟම කොකාගල කන්දෙන් එන රිලාඇල්ල සහ හඳපානා කඳුකරෙන් එන වතුර පාර හරස් කරලා වැවක් බඳින්නයි වීරසිංහ මහත්තයා එදා සූදානම් වුණේ.

දෙහිඅත්තකණ්ඩිය සමූහ

නව අදහස දක්වන්න