උතුරුමැද ධීවරයන්ට නොමිලේ ඔරු-දැල් | දිනමිණ

උතුරුමැද ධීවරයන්ට නොමිලේ ඔරු-දැල්

ඇලහැර සමුහ - සරත් වෙලගෙදෙර

උතුරුමැද පළාතේ ධීවර කර්මාන්තයේ නිරත් වී සිටින ධිවරයින් ගේ ආර්ථිකය නංවාලීම සදහා සහන සැලසීමට කෘෂිකර්ම කෘෂි නිෂ්පාදන අලවි සත්ව නිෂ්පාදන සෞඛ්‍ය හා ධීවර කටයුතු අමාත්‍ය සම්පත් ශ්‍රී කරුණාරත්න මහතා පියවර ඇත.

මෙම වැඩපිළිවෙවෙළ යටතේ අනුරාධපුර පොලොන්නරුව යන දිස්ත්‍රික්වල ධීවර ජනතාවට ඔරු දැල් කිසිදු අයකිරීමකින් තොරව පිරිනැමීමටද වැව් වලට මාළු පැටවී (ඇසිට්ටෝ) දැමීමට පියවරගෙන තිබේ .

එක වැවකට මාළු පැටව 5000 බැගින් මුදා හැරමට ත් මාළු දැල් 100 ක් ඔරු 7 බැගින් ධිවරයින් සදහා පිරිනැමීමටත් අමාත්‍ය සම්පත් ශ්‍රී කරුණාරත්න මහතා කටයුතු යොදා ඇත.

කවුඩුල්ල වැවට මාළු පැටවුන් 5000 ක් හා එහි ධිවරයින් සදහා මාළු දැල් 100 සමග ඔරු 7 ක් අමාත්‍ය සම්පත් ශ්‍රී කරුණාරත්න මහතා විසින් පසුගියදා පිරිනමනලදී.

මෙම අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් ජලජිවි ව්‍යාප්ත නිලධාරී ඉන්දික සදරුවන් මහතා ඇතුළු දේශපාලන අධිකාරයේ අයද එක්වූහ.

නව අදහස දක්වන්න