ආණ්ඩුවට ජනවරම ලැබුණේ නව ව්‍යවස්ථාවකට | දිනමිණ

ආණ්ඩුවට ජනවරම ලැබුණේ නව ව්‍යවස්ථාවකට

චමීර ඇල්ලදෙණිය

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිමට 2015 දී ජනවරමක් ලැබී ඇති බවත් ඊට අනුව ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවසීය. ත්‍රෛනිකායික මහානාහිමිවරුන් නව ව්‍යවස්ථාවක් සකස් නොකරන ලෙස කළ ඉල්ලීම උන්වහන්සේලාගේ අදහස බවත් මේ රටේ පත්වූ සියලුම ආණ්ඩු නව ව්‍යවස්ථාවක් සකස් කරන බව ඉල්ලා ආණ්ඩු බලය ලබාගත් බවත් එය මේ වනතෙක් ඉටු කිරිමට පාලකයන් සමත්ව නොමැති බවත් හෙතෙම කීය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් එසේ කී රත්නායක මහතා නව ව්‍යවස්ථා කටයුතු සම්පාදනය පිළිබඳ නිසි මතය මහනායක හිමිවරුන් දැනුම්වත් කිරීමට පවා ආණ්ඩුව අපොහොසත්වී ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එම නිසා එක එක අන්තවාදී කොටස් නව ව්‍යවස්ථාව සම්බන්ධෙයෙන් කරගෙන යන මතවාද සමාජගත වී ඇති බවත් එය නැවැත්වීමට විනිවිදභාවයෙන් යුතු සමාජ දැනුම්වත් කිරිමක් රජය කළ යුතු බවත් රත්නායක මහතා සඳහන් කෙළේය. සෑම මැතිවරනයකදීම සැම රජයක්ම නව වයවස්ථාවක් සකස් කරන බවට ජනතාවට පොරොන්දු ලබාදුන් බවත් එය ඉටු කිරීමට පාලකයින් කටයුතු කළ යුතු බවත් බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

නව අදහස දක්වන්න