රථගාලේ ගිනි අවිය ගැන පරික්ෂණ | දිනමිණ

රථගාලේ ගිනි අවිය ගැන පරික්ෂණ

මුදල් අමාත්‍යාංශයේ රථගාලක නවතා තිබූ කළු පැහැති සුඛෝපභෝගී ජීප් රථයක තිබී රිවෝල්වරයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ වන විටත් සිද්ධිය පිළිබඳව එම රථයේ රියදුරු ඇතුලූ පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව සඳහන්.

පොලීසිය සඳහන් කළේ රිවෝල්වරයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.

පසුගිය තුන්වනදා මුදල් අමාත්‍යාංශ රථගාලේ නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් තුළ තිබියදී මෙම රිවෝල්වරය හමුවී තිබුණේ එහි රියදුරුටයි.

මෙම ජීප් රථය මීට පෙර භාවිතා කර ඇත්තේ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු  විසින්.

නව අදහස දක්වන්න