ඉ-රාජ්‍ය සඳහා පස්චාත් උපාධි | දිනමිණ

ඉ-රාජ්‍ය සඳහා පස්චාත් උපාධි

මදාරා මුදලිගේ 

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතන (ICTA)සහ මානව සම්පත් ප්‍රවර්ධන වැඩසටහන සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) ඒකාබද්ධව ඩිජිටල් රාජ්‍ය සේවාවකට අවශ්‍යය මානව සම්පත ඉදිරි කාලයේදී තවදුරටත් සවිබල ගැන්වීම සඳහා රාජ්‍ය ආයතනයන්හි සිටින ප්‍රධාන නවිකරණ නිලධාරීන්ට සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ට පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව උදාකර දී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA)වැඩසටහන් කළමනාකරු සමීර ජයවර්ධන මහතා පවසා ඇත.ඒ සඳහා මුලික අදියර වශයෙන් ඉ-රාජ්‍ය පිලිබඳ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සදහා තිස් දෙනෙකුට පමණ පහසුකම් සලසා දී තිබේ.

විශේෂයෙන්ම රාජ්‍ය අංශය තුල ඉ-රාජ්‍ය කටයුතු ආයතන මට්ටමින් ක්‍රියාවට නැංවීමේ වැඩි වගකීමක් පැවරී තිබෙන්නේ මෙම ප්‍රධාන නවිකරණ නිලධාරීන්ට සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ට බවත් ඒ අනුව මෙවැනි උසස් අධ්‍යාපන අවස්ථා ඔවුන්ට උදාකර දීම තුලින් ඉදිරි ඩිජිටල් ශ්‍රී ලංකාවක් දැක්ම යතාර්ථයක් කර ගැනීමට මහඟු රුකුලක් වන බවත්, ජාතික මට්ටමින් රාජ්‍ය අංශයේ සියළු නිලධාරීන් ඉලක්ක කර ඩිජිටල් රාජ්‍ය සම්බන්ධයෙන් මානව සම්පත ප්‍රවර්ධනය සදහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇතැයි ද නියෝජිතායතනය වැඩිදුරටත් සදහන් කරයි.

 

නව අදහස දක්වන්න