නුවරඑළියේ නීතිඥයින් නඩුවලින් ඉවතට | දිනමිණ

නුවරඑළියේ නීතිඥයින් නඩුවලින් ඉවතට

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවූ නඩු සඳහා පෙනී සිටීමෙන් ඉවත්වීමට එහි නීතීඥවරුන් විසින්  පියවර ගෙන තිබේ.

අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ලෙස කනිෂ්ඨ නීතීඥවරයෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් මෙම පියවර ගෙන ඇත.

නුවරඑළිය නීතීඥ සංගමයේ සභාපති නීතීඥ ටී. රාජදොරේ විසින් මේ බව සනාථ කෙරිණ.

මහේස්ත්‍රාත්වරයා රාජකාරී කටයුත්තක් සඳහා අධිකරණයෙන් බැහැර යාම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ  නීතීඥවරු සිටියදී කනිෂ්ඨ නීතීඥවරයෙකු මහේස්ත්‍රාත් ධූරයේ වැඩ බැලීමට රෙජිස්ට්‍රාර්වරයා විසින් පත් කර ඇති බව ටී. රාජදොරේ වැඩිදුරටත් කියා සිටියේය.

නව අදහස දක්වන්න