බොල්ගොඩ රක්ෂිතයේ ගස් කපා විනාශ කරලා | දිනමිණ

බොල්ගොඩ රක්ෂිතයේ ගස් කපා විනාශ කරලා

හල්තොට සමුහ - විනිතා මානෙල් ගමගේ

බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ 691 අළුබෝමුල්ල නැගෙනහිර ගංඟාරාම විහාරස්ථානයට යාබදව පිහිටි බොල්ගොඩ ගඟ අයිනේ රක්ෂිත ප්‍රදේශය පුද්ගලික ආයතනයක් විසින් සම්පුර්ණයෙන්ම විනාශ කර තිබෙන බව ගම්වැසියෝ පවසති.

ඉතා වටිනා කඩොලාන ශාක කපා මුල් පවා ගලවා පිඩලි අල්ලා තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.

එදා සිට ඔවුන් ප්‍රයෝජන ගත් තොටුපළ අද දකින්නට නොමැති බවත් තොටුපළට ගමන්කළ මාර්ගයේ කපන ලද ගස් වල අතු හා කොට දමා අවහිර කර ඇති බවත් ග‍ඟේ බන්ට් එක මෙන්ම කුඹුරු විනාශකර රක්ෂිත ප්‍රදේශය ඔවුන් සතු කර ගැනීමට කටයුතු කර ඇති බවත් මේ පිළිබඳ අදාළ අංශ දැනුවත් කිරිමට කටයුතු කරන බවත් ඔවුහු පවසති.

බොල්ගොඩ ග‍ඟේ සිට අඩි 40ක් රක්ෂිත කලාපයක් වන අතර අඩි 60ක් අනිවාර්ය රක්ෂිත ප්‍රදේශයක් වුවත් එම ප්‍රදේශය මේ වන විට අත්පත් කර ගැනීමට කටයුතු කර ඇති බැවින් මේ පරිසර විනාශ වළක්වා දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිිති.

 

 

නව අදහස දක්වන්න