ආදායම් නිලධාරීන් අද සංකේත වැඩ වර්ජනයක | දිනමිණ

ආදායම් නිලධාරීන් අද සංකේත වැඩ වර්ජනයක

යෝජිත දේශීය ආදායම් පනත් කෙටුම්පතට විරෝධය පළ කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවකයින් අද සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තිරණය කර ඇති බව වාර්තාවෙි.

දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් පළ කල අතර දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් කෙටුම්පත් කර ඇති අදාළ පනත මඟින් ආගමික සිද්ධස්ථාන, සුබසාධක සමිති සහ මරණාධාර සමිති වලින් ද ආදායම් ලබා ගැනීමට යෝජනා කර ඇති බවයි.

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් රජය, වෘත්තීය සමිති සමග සාකච්ඡා නොකළ බව දේශීය ආදායම් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේය.



 

නව අදහස දක්වන්න