2040 වසර වන විට පෙට්‍රල් හෝ ඩීසල්වලින් ධාවනය වන සියලුම මෝටර් රථ අලෙවි කිරීම තහනම් කරමින් හරිත 'විප්ලවයක්' දියත් කිරීමට ප්‍රංශය සූදානම් වෙයි.
නව වැඩපිළිවෙල නිවේදනය කරමින් පරිසර කටයුතු භාර අමාත්‍ය නිකොලා උලෝ (Nicolas Hulot) කියා සිටියේ, එය පැරිස් පරිසර සම්මුතියට ප්‍රංශයේ කැපවීම ප්‍රදර්ශනය කිරීමේ වැඩපිළිවෙලක කොටසක් බවය.
2050 වනවිට කාබන් මුදාහැරීමෙන් වියුක්ත රාජ්‍යයක් බවට පත්කිරීම ප්‍රංශයේ බලාපොරොත්තුව බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රංශයේ මෝටර් රථ කර්මාන්තයෙන් 3.5% ක් දෙමුහුන් මෝටර් රථ (Hybrid) වන අතර, ඒ අතරින් විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ තිබෙන්නේ 1.2% ක් පමණි.
2040 වන විට රටේ තිබෙන පෙට්‍රල් හෝ ඩීසල්වලින් ක්‍රියාත්මක වන මෝටර් රථවලට සිදුවන්නේ කුමක් දැයි යන්න මෙතෙක් පැහැදිලි නැත.
පරිසර කටයුතු පිළිබඳව හඬ නගන්නෙකු වශයෙන් ප්‍රසිද්ධ නිකොලා උලෝ, ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් විසින් පරිසර කටයුතු භාර අමාත්‍යවරයා ලෙසින් පත්කරනු ලැබිණ.
අදහස් 1ක් ඇත
parisara hitha kamithwayata eda sitama satan karana nikola
නව අදහස දක්වන්න