පොල්ගහවෙල ශාසනාරක්ෂක බල මණ්ඩයෙන් රෝහලේ නේවාසික රෝගීන්ට භාණ්ඩ ප්‍රදානයක් | දිනමිණ

පොල්ගහවෙල ශාසනාරක්ෂක බල මණ්ඩයෙන් රෝහලේ නේවාසික රෝගීන්ට භාණ්ඩ ප්‍රදානයක්

පොල්ගහවෙල උතුර සහ පොල්ගහවෙල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩල දෙක මඟින් පොල්ගහවෙල ප්‍රාදේශීය රෝහලේ නේවාසික රෝගීන් සඳහා දිවා ආහාරය සමඟ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා එම රෝහලේදී පවත්වන ලදි. ඉහත සඳහන් ශාසනාරක්ෂක බල මණ්ඩල දෙකෙහි ලේඛකාධිකාරී වහන්සේ වන අලපත්තේ ගෙදර මේධංකර සහ මනමන්දාවේ අනුරුද්ධ යන හිමිවරුන්ගේ අවවාද අනුශාසනා මත මෙය සංවිධානය කෙරිණ.

මේ යටතේ නේවාසික රෝගීන්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය සඳහාද අවශ්‍ය කිරි, පිටි, සබන්, වතුර බෝතල්, දත් බේත්, තුවා, ඇද ඇතිරිලි සමඟ රුපියල් 1000ක වටිනාකමින් යුත් භාණ්ඩ පාර්සලය බැඟින්ද බෙදා දෙන ලදි.

@අලව්ව විශේෂ ඒ.කීර්තිසිංහ
ඡායාරූපය - අලව්ව විශේෂ 

නව අදහස දක්වන්න