නව යුද හමුදාපති හා ජනපති අතර හමුවක් | දිනමිණ

නව යුද හමුදාපති හා ජනපති අතර හමුවක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ 22 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වීම් ලද ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය. 
 
යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා බැහැදැකීමේ සම්ප්‍රදාය ඉටුකරමින් පැවති මෙම හමුව සිදුවූ අතර එය සංකේතවත් කරමින් යුද හමුදාපතිවරයා ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වන ලදී.
 

( ඡායාරූප : සුදත් සිල්වා )

නව අදහස දක්වන්න