ජපානයේ භූ කම්පනයක් | දිනමිණ

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ දකුණු දිග කියුෂු දිවයිනේ අද රික්ටර් පරිමාණයේ 5.2ක භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

කියුෂු දිවයිනේ කගොෂිමා නගරයට ඔබ්බෙන් මුහුදේ මෙම භූ කම්පනය සිදුවී ඇත.

ඉන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබදව මෙතෙක් වාර්තා වී නැති අතර භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නිකුත් නොකෙරුණු බවයි ජපාන එන්.එච්.කේ. රූපවාහිනිය සඳහන් කළේ.

ජපානය භූ ක්‍රියාකාරකම් සුලභ ප්‍රදේශයක පිහිටා ඇති අතර, ලොව රික්ටර් පරිමාණයේ 06 ඉක්ම වූ භූ කම්පනවලින් සියයට 20ක් පමණ සිදුවන්නේ ජපානය කේන්ද්‍ර කොටගෙනයි.

 

නව අදහස දක්වන්න