රත්නපුරේ දෙමුවාවත මැණික් වෙළෙදසල් තුනකින් මැණික් සොරාගත් සැකකරු මාට්ටු | දිනමිණ

රත්නපුරේ දෙමුවාවත මැණික් වෙළෙදසල් තුනකින් මැණික් සොරාගත් සැකකරු මාට්ටු

රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන් විශාල පිරිසක් මැණික් වෙළෙදාමේ යෙදෙන දෙමුවාවත මන්සන්ධියේ මැණික් වෙළෙඳ ආයතන තුනකින් සහ නිවෙසක තිබු මැණික් සහ මැණික්ගල් කැපීමේ , මැණික් ඔප දැමීමේ යන්ත්‍රයක් සහ වතුර මෝටරයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැක කරුවකු අත් අඩංගුවට ගත් බව රත්නපුර පොලීසියේ නිලධාරියෙක් පැවැසීය.

රත්නපුර ඉහළ හකමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු මීට ඉහතද නිවාස මංකොල්ල කෑම්- රැසකට අත්අඩංගුවට ගෙන නඩු පවරා සිටි පුද්ගලයකු බව පොලීසිය පවසයි.

@එන්.පී. රාජදොරේ රත්නපුර විශේෂ 

නව අදහස දක්වන්න