මළ ගෙදරක යන අතරතුර ත්‍රී රෝද රථය අනතුරක | දිනමිණ

මළ ගෙදරක යන අතරතුර ත්‍රී රෝද රථය අනතුරක

බෙරලපනාතර කඩපොළට නුදුරින්වූ තැඹිලි ගසක ත්‍රීරෝද රථයක් ගැටීමෙන් එහි ගමන්ගත් වයස අවුරුදු 02ක් පමණ වූ පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

ගාල්ල , පෝද්දල ප්‍රදේශයේ සිට ඌරුබොක්ක ප්‍රදේශයේ මළගෙදරකට සහභාගී විමට පැමිණි පිරිසක් මෙලෙස අනතුරට පත්වී ඇත.මියගිය දරුවාගේ සිරුර ඌරුබොක්ක රෝහලෙහි තැන්පත් කර ඇත.

මියගිය දරුවාගේ මව සිහිමද ගතියෙන් පසුවන අතර ඇය සමඟ පැමිණි අනෙක් කාන්තාවන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බැවින් ඇඹිලිපිටිය රජයේ රෝහලට ඇතුලත් කර ඇත.ත්‍රීරෝද රථයේ රියැදුරු සුළු තුවාල ලබා ඌරුබොක්ක රෝහලෙහි ප්‍රතිකාර ලබයි.

අනතුරට පත් ත්‍රීරෝද රථයේ සිටි වයස අවුරුදු 5 ක්වූ පිරිමි දරුවා හා වයස අවුරුදු 04 ක් පමණවූ ගැහැණු දරුවා සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇත. ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති රුක්මන් කුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

 @අකුරැස්ස මධ්‍යම විශේෂ-විජිත සල්ගාදු @ඌරුබොක්ක සමූහ-ජයන්ත සේසිරි සහ ඌරුබොක්ක විශේෂ @දෙයියන්දර සමූහ-තමරසිරි විජේසේකර
මාතර සමූහ - ඩබ්ලිව්. පී. ධර්මසේන
ඡායාරූපය-ඌරුබොක්ක සමුහ 


නව අදහස දක්වන්න

Or log in with...