මසකින් ඩෙංගු අඩකින් අඩු කරන ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව ඇමැති අතට | දිනමිණ

මසකින් ඩෙංගු අඩකින් අඩු කරන ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව ඇමැති අතට

ඩෙංගු මදුරු ඝනත්වය සහ රෝගීන්ගේ සංඛ්‍යාව සති හතරක් තුළදී සියයට 50 ක් දක්වා අඩු කිරීමේ සැලසුම් සහිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට බාර දීම ඊයේ (11) නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදි සිදුකෙරිණි.

රට පුරා ප්‍රදේශවල සංචාරය කරමින් ලබාගත් තොරතුරු පදනම් කර ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් එම ක්‍රමෝපායන් සහිත වාර්තාව සකස් කළ බවත් මෙම වාර්තාව සකස් කිරීමට ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් වෛද්‍යවරුන් සිව් දෙනෙකු ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබූ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම වාර්තාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ඊයේ (11) දැනුවත් කිරීමට ද එම නියෝජිත කණ්ඩායම සහභාගි විය.

ඩෙංගු රෝගය පැතිරීම ආරම්භ වීමත් සමඟ රෝහල් ප්‍රතිකාර සේවා නිසි අයුරින් සිදූ කර ඇති බවත් මරණ සංඛ්‍යාව පාලනය කිරීම ඉතා හොද ලක්ෂණයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් මෙහිදී පෙන්වාදීම සිදුකෙරිණි.

වියට්නාමය, ලාඕසය, කාම්බෝජය වැනි රටවල ද මේ වන විට මදුරු ඝණත්වය වැඩි වී ඇති බවට මෙහිදී කරුණු දැක්වීය.

මෙම වාර්තාව බාරදීමේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රාෂියා, සෞඛ්‍ය ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සන්ධ්‍යා කරුණාරත්න

අදහස් 1ක් ඇත

meka thiyenne denguwa athe nemeyi , Rajitha atheya;eya korayi wade niyameta onna balanna , denguwata wena de , mama chaleng karanne denguwata,ahinsaka ape jathiya beraganna ane ? Rajithayo;

නව අදහස දක්වන්න