නයිජීරියාවේ ගංවතුරින් 20ක් ජීවිතක්ෂයට | දිනමිණ

නයිජීරියාවේ ගංවතුරින් 20ක් ජීවිතක්ෂයට

නයිජීරියාවට බලපා ඇති අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් විසිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නයිජීරියාවේ වැඩිම ජනගහනයක් සිටින ලාගෝස් නගරයට ද මෙම ගංවතුර තත්ත්වය බලපා ඇත.

නිවාස 90කට වැඩි සංඛ්‍යාවක් ඇතුළු දේපල රැසක් ද විනාශයට පත්ව ඇතැයි සදහන් වේ. අවතැන්වී ඇති පිරිස 500 ඉක්මවන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දක්වා තිබේ.

ගංවතුර සමග නායයාම් ද වාර්තාවී ඇති අතර ගංගා කිහිපයක්ම පිටාර මට්ටමට පැමිණ තිබේ. විපතට පත් ජනතාව මුදාගැනීම සදහා සහන සේවා ක්‍රියාත්මකය.

අදහස් 1ක් ඇත

okama thamayi apatah pahu giya dawaswala kelewwe! ane ammapa kata unath wipath sidda wenna epa!

නව අදහස දක්වන්න