පේරාදෙණිය සම සෞඛ්‍ය සිසුන්ට විසඳුම් | දිනමිණ

පේරාදෙණිය සම සෞඛ්‍ය සිසුන්ට විසඳුම්

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පිඨයේ සිසුන්ට මෙතෙක් කුරුණෑගල රෝහලෙහිලබා දි තිබු රසායනික පුහුණුව මහනුවර සහ මහ රෝහලේ පේරාදෙණිය සහ සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේදි ලබා දිමට කටයුතු සළසා දිමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මහනුවරදි පැවසිය.
 
තමන් දැනට කුරුණෑගල ෙරා්හලට රසායනික පුහුණුව සදහා සහභාගි විම දැඩි අසිරු කරුණක් බවත් ෙම් පිළිබදව කිහිප විටකම බලධාරින් දැනුවත් කළ නමුදු විසදුමක් ෙනාලැබු බවත් අමාත්‍යවරයා හමුවේ සිසුහු ප්‍රකාශ කර සිටියහ.
 
මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා අදහස් දක්වමින් ඒ අවස්ථාවේ කියා සිටියේ මහනුවර මහ රෝහලේ වෛද්‍ය වාට්ටුවේ ඇර අනෙක් සියළුම ස්ථාන වල පුහුණුව ලබාදිමට හැකියාව ඇති බවත් පේරාදෙනිය සහ සිරිමාවෝ බණ්ඩාරනායක රෝහල් වල එම පුහුණුව සදහා කොටසක් යොමු කිරිමට සාකච්ඡා කර කැමැත්ත ‍ගෙන ඇති බවත්ය. මේ සදහා සෞඛ්‍ය  අධ්‍යක්ෂ ජනරාල් වරයා සමග සාකච්ඡාවක් පැවැත්විමට නියමිත බවත් රත්නායක මහතා පැවසිය.
 
ගැටලුවලට විසදුම් ලබා දිමට පියවර ගෙන ඇති අතර කඩිනමින් ඔවුන්ට ඒ අවස්ථාව ලබා දෙන බවට අමාත්‍යවරයා එකගවිය.
 
(ඉන්ද්‍රාණි තෝරදෙනිය)

නව අදහස දක්වන්න