කුඩුගල්වත්ත පාලම අවදානම් - ජිවිත අනතුරේ | දිනමිණ

කුඩුගල්වත්ත පාලම අවදානම් - ජිවිත අනතුරේ

රත්නපුර - බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ රත්නපුර නගරයට ප්‍රවේශ වීම සඳහා කළු ගග හරහා ඉදි කොට ඇති කුඩුගල්වත්ත පාලම කඩා වැටීමේ දැඩි අවධානමකට ලක්ව තිබේ.

පසුගිය සමයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පාලම කොටස් තුනකින් ඉරිතලා ගොස් ඇති බව එහි ගිය අපට නිරීක්ෂණය කිරීමට හැකි විය.

මෙම පාලම හරහා දිනකට රථවාහන ලක්ෂ ගණනක් ගමන් කරයි.

දැඩි ජිවිත හා දේපල අවධානමක් හමුවේ බලධාරීන් නිහඬව සිටින අතරම කණගාටුවට කරුණ නම් පාලමට නුදුරින් රත්නපුර ප්‍රදේශයේ ප්‍රබල අමාත්‍යවරියකගේ කාර්යාලයක් ද පිහිටා තිබීමයි.

(විමුක්ති දුෂාන්ත)

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න