රුසියා ජනපති සමග ඉතා හොඳින් කටයුතු කරනවා – ට්‍රම්ප් කියයි | දිනමිණ

රුසියා ජනපති සමග ඉතා හොඳින් කටයුතු කරනවා – ට්‍රම්ප් කියයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග ඉතා හොඳින් කටයුතු කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ක්‍රිස්ටියන් බ්‍රෝඩ්කාස්ටින්ග් මාධ්‍ය ආයතනය සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශකර ඇත.

පසුගිය සතියේ පැවති ජී 20 සමුළුව අතරතුර දෙරටේ නායක දෙපල අතර පළමු වරට හමුවක් පැවැත්වුණි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටියේ රුසියානු ජනාධිපති පුටින් තමාට වඩා හිලරි ක්ලින්ටන් අමෙරිකා ජනාධිපති ධුරය දැරීමට සුදුසු බව විශ්වාස කරන බවය. කෙසේ වෙතත් දෙරටම න්‍යෂ්ටික බලවතුන් බව අමෙරිකා ජනාධිපතිවරයා එහිදී පිළිගෙන තිබේ.

පසුගිය වසරේ පැවති අමෙරිකා ජනාධිපතිවරණයට රුසියාවේ සහාය හිමිවූ බවට පළ වන වාර්තා ප්‍රතික්‍ෂේප කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

අදහස් 1ක් ඇත

trump you have to link with him ! best way to for world !

නව අදහස දක්වන්න