බ්‍රසීල හිටපු ජනපතිට වසර 9 1/2ක සිර දඬුවමක් | දිනමිණ

බ්‍රසීල හිටපු ජනපතිට වසර 9 1/2ක සිර දඬුවමක්

දූෂණ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ද සිල්වාට එරට අධිකරණය සිර දඩුවම් නියම කර ඇත.

එම සිර දඩුවම වසර 9 1/2ක කාලයකට නියම වී තිබේ.

බ්‍රසීල රජයට අයත් පෙට්‍රෝ බ්‍රාස් සමාගම සම්බන්ධ ගනුදෙණුවක දී ඊට අල්ලස් වශයෙන් මහල් නිවාස සංකීර්ණයක් ලැබුණු බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණි.

එහෙත් හිටපු ජනපතිවරයා එම චෝදනාව ප්‍රතික්‍ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
මෙම නඩුව දේශපාලන පළි ගැනීමේ අරමුණින් ගොනු කළ එකක් බව ඔහු ප්‍රකාශ ඇත.

හිටපු ජනාධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා පහෙන් ප්‍රථමයෙන් විභාගයට ගත් නඩුව මෙය බව සදහන් වේ.

අදහස් 2ක් ඇත

When will our Lula get what he deserve for stealing people's money, now you guys will talk about ending the war.

In some countries charges are brought against any suspect. They are brought in front of the justice and punished irrespective of their past "status". Countries like SRI LANKA speak of frauds, having illegal foreign bank accounts of many ex-politians. But so far nothing has been done against them and it seems they are "protected". What a strange country, this SRI LANKA !!!!

නව අදහස දක්වන්න