නීතියට පිටින් බඩු විකිණූ ගම්පහ වෙළෙඳුන් 50කට දඩ | දිනමිණ

නීතියට පිටින් බඩු විකිණූ ගම්පහ වෙළෙඳුන් 50කට දඩ

ගම්පහ සංචාරක - නිමල් ජයසිංහ

ගම්පහ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට අයත් බල ප්‍රදේශයේ වෙළෙඳුන් 50ක් පාරිභෝගික අධිකාරියේ නියෝගවලට පටහැනිව භාණ්ඩ අලෙවි කිරීම, අලෙවියට තබාගෙන සිටීම සම්බන්ධයෙන් ජූලි 07 දින ගම්පහ අධිකරණයට ඉදිරිපත්කර තිබුණි.

චෝදනාවන් අතර මිල ප්‍රදර්ශනය නොමැතිව සහල් අලෙවිය, සීනි අලෙවිය, ධාන්‍ය වර්ගවල මිල ප්‍රදර්ශනය නොකර අලෙවිය යනාදිය විය.

මෙයට අමතරව කල්ඉකුත්වීගිය රසකැවිලි, බිස්කට් අලෙවිය ද රසකැවිලිවල මිල ප්‍රදර්ශනය නොවීම ද විය.

කල්ගිය ශරීරාලේපන අනිකුත් ආහාර ද්‍රව්‍ය අඩංගු අල්මාරිවල අලෙවියට තබාගැනීම තවත් මෙවැනි චෝදනා ගණනාවකි.

සියලු චෝදනාවලට වරද පිළිගත් චූදිතයන්ට එක් අයකුට රුපියල් 3000/= බැගින් 50 දෙනාටම රුපියල් එක්ලක්ෂ පනස්දහසක (1,50000/=) දඩයක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා නියම කළේය.

පැමිණිල්ල ගම්පහ පාරිභෝගික අධිකාරියේ මෙහෙයුම් නිලධාරීහු ඉදිරිපත් කළහ. 

නව අදහස දක්වන්න