කන්තලේ පාසල් සිසුවියකට නව නිවෙසක් | දිනමිණ

කන්තලේ පාසල් සිසුවියකට නව නිවෙසක්

පළාත් ඇමැතිවරිය නව නිවෙස විවෘත කරමින්

කන්තලේ රජඇළ ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියකට සිය අධ්‍යාපන කටයුතු තබා ඉන්නට හිටින්නට හරි හමන් නිවෙසක් නොමැතිකම පිළිබඳ අවධානය යොමු කළ ප්‍රදේශයේ විදුහල්පතිවරුන් දෙදෙනකු නැගෙනහිර පළාත් සභාවේ ඉඩම් ඇමැතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියගේද ආධාර උපකාර ඇතිව එම දැරියට නිවෙසක් සාදා පරිත්‍යාග කිරීම පසුගියදා චාම් උත්සවයකින් අනතුරුව සිදු වූයේ සහභාගිවී සිටි කාගේත් දෙනෙත්වලට කඳුළු පුරවමිනි.

දැරිය සිය වැඩිමහල් සොයුරියගේ නිවහනේ සිට පාසල් ගිය අතර එම නිවෙස ද වැස්සට තෙමෙන ඉටිරෙදි ගැසූ කුඩා මඩුවකි. මෙය දුටු විදුහල්පතිවරයකු වන කේ.ඩී. විජේපාල මහතා දරුවා ඉගෙනුම ලබන ත්‍රි/සීවලී විද්‍යාලයේ විදුහල්පතිවරයා වන චාල්ස් වනිගසේකර මහතා හා සාකච්ඡා කොට ගන්නා ලද තීරණයක ප්‍රතිඵලයක් ලෙස මෙම නව නිවෙස ඉදිවී ඇත. විජේපාල මහතාගේ යහළුවන්ද මීට මැදිහත්වී ආධාර කර තිබේ.

කන්තලේ සමූහ - සුමිත්‍රා කුමාරිහාමි

නව අදහස දක්වන්න