කද සුරිඳුන්ගේ හා වල්ලි දෙවගනගේ විවාහ සැමරුමට ස්වාභාව ධර්මයෙන් ආශිර්වාද | දිනමිණ

කද සුරිඳුන්ගේ හා වල්ලි දෙවගනගේ විවාහ සැමරුමට ස්වාභාව ධර්මයෙන් ආශිර්වාද

කේ. ඩී. දේවප්‍රිය

කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය වෙනුවෙන් සිදු කළ පළමු චාරිත්‍රය වන කප් කණු සිටිවීමෙන් පසුව එළබෙන 24 දින කතරගම කද සුරිදුන්ගේ හා වල්ලි දෙවගනගේ විවාහ සනිටුවහන් කරන ඇසළ මංගල්‍යය වෙනවෙන් පුජා භූමියේ ඇති ගස් වැල් වල මල් පිපී සුන්දරවෙමින් පරිසරය හැඩ ගැසේන අයුරු මේ දින වල කතරගම පැමිණෙන ඕනෑම අයකුට දැක ගත හැකිය.

මේ නියං සමයේ අවට පරිසරයන් වෙනස් වුවත් කතරගම පුදබිමේ වැඩ සිටින කන්ද කුමරුවන්ගේ ඔද තෙද බලයෙන් පුදබිමේ අපුරු සුන්දරත්වයන් තුළින් පෙරහර ලංවන විට දී පරිසරය හැඩ ගැන්වේ. අවට ගස් වැල් වියළීි යමින් පැවතිය ද කතරගම දේවාල භුමියේ ඇති මැයි ,ඇහැළමල් ගස් වල මෙන්ම මැලේසියාවට ආවේනික වු කතරගම පුදබිමේ වැඩියෙන්ම ඇති ඩේසියා මල් ගස් වල ද මල් පිපි සුන්දර ජපානයේ සකුරා මල් යායක් මෙන් පුජා භුමිය දිස් වී තිබේ. පුදබිමට එන බැතිමතුන් දේවාලය වැද පුදා ගන්නා අතරම මේ සුන්දර මල් ගස් යට සිට සිය ජංගම දුරකතන වලින් ඡායාරූප ගැනීමට ක්‍රියා කරන අයුරු දැකිය හැකිය. මෙයට අමතරව විදේශීය සංචාරකයන්ගේ ද දැඩි අවධානයක් යොමු වී ඇත්තේ මේ සුන්දර මල් ගස් වලටයි.

පුජා භූමියේ ඇති සුන්දරත්වය පිළිබඳව අදහස් දැක් වු රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම අභිනරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණ තිස්ස හිමියන් පැවසුවේ, කතරගම පුදබිම කියන්නේ මහා ආශ්චර්යන් මවාපාන පුදබිමක්. ඇසළ මංගල්‍යය සඳහා කප් සිටුවීම ළං වන විට දී සෑම වසරක දීම පුජා භුමිය මාස 03 ක් පමණ කාලයක් ලස්සන වීම කාලයක පටන් සිදුවෙනවා.

උදේට හිම වැටෙනවා වැනි මල් බිමට වැටී අලංකාර දර්ශනයක්. මේ දින වල දැකිය මැයි මැයි මල් මෙන්ම ඇසළ මල් වගේම ඩේසියා මල් ගස් වල මල් පිපීි තිබීම නිසා පැමිණෙන බැතිමතුන්ද අසීිමිත වු ආස්වාදයක් ලබන බව පේනවා’’ යනුවෙන්ය රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම කපුගම සරණ තිස්ස හිමයෝ පැවැසූහ. මෙයට අමතරව රුහුණේ ගස් වැල, වරකා වලින් පළ බරවී සරු වෙන අතර කජු පුහුලන්, අඹ ,දෙලූම් වැන් ඌවට ආවේනික වු පළතුරු ඵලදාවන් නිසි ලෙස ගස් තුළම ඉදි පරිසරය ද සුවද හැමීමට සලස්සවා තිබීම කතරගම දෙවියන්ගේ හා වල්ලි දෙවගනගේ විවාහ මංගල්‍යයට තවත් ස්වාභාව ධර්මයෙන් ලැබෙන ආශිර්වාදයක් වැනිය.

නව අදහස දක්වන්න