පොදු රද මඩුලු යොවුන් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා පිල බහමාස් බලා යයි | දිනමිණ

පොදු රද මඩුලු යොවුන් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා පිල බහමාස් බලා යයි

ප්‍රින්ස් ගුණසේකර
බහමාස් බලා පිටත්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සුබ පැතුම් එක් කළ අයුරු. ඡායාරූපය - ප්‍රින්ස් ගුණසේකර

බහමාස් හී මේ මස 19 සිට 23 දක්වා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම 3.10ට කටාර් ගුවන් යානයෙන් බහමාස් බලා පිටත්ව ගියේය. වයස අවුරුදු 14 හා 18 අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28ක් හා නිලධාරීහූ 9ක් ශ්‍රී ලංකා කණ්ඩායමට අයත්වන අතර මලල ක්‍රීඩා, සත් සාමාජික රගර්, බොක්සිං. ජූඩෝ, පිහිනුම් හා ටෙනිස් යන ක්‍රීඩා ඉසව් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේදී නියෝජනය කරති.

අවසන් වරට වසර 2015දී සැමෝවා හී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 2ක් හිමිවූ හෙයින් මෙවර ක්‍රීඩා උළෙලේදී වැඩි දස්කම් අපේක්ෂා කෙරේ. ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1300ක් පමණ සහභාගීවන මේ උළෙල ක්‍රීඩා ලොවේ අනාගත තරු බිහිවන තෝතැන්න ලෙස සැලකේ.

බහමාස් බලා පිටත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය:

මලල ක්‍රීඩා - ප්‍රමෝද් මධුභාෂන, නවෝද්‍ය සංඛපාල (ගාල්ල මහින්ද), ෂෙහාන් දිලූෂ කාරියවසම් (සාන්ත ජෝසප්), කවිඳු තත්සරණී, සචිනි තාරකා දිව්‍යාංජලී (ලයිසියම්), හා සඳුමිණි චවිප්‍රභාවී (කෑගල්ල සාන්ත ජෝෂප්)

සත් සාමාජික රගර් - දුලාංජ පියතිස්ස, ක්‍රිස්ටියන් ෆෙඩ්රික්, චේතිය කුමාරසිංහ, ඉෂාර ලියනගේ, ජොනතන් වීරකෝන්, සබීර් ඉක්බාල්, නදීෂ විතානගේ, නවීන්ද්‍ර රාජරත්නම්, රවීන් ප්‍රනාන්දු, තරින්දු අනුරාධ ද අල්විස්, තුවාන් සබීර් සාබර් හා විශ්ව රණරාජ්

පිහිනුම් - අකලංක පීරිස්, කයිල් අබේසිංහ, අවන්තී දෙව්මිණී, හා විනෝලී කලුආරච්චි,

බොක්සිං - කවින්ද සංජය බණ්ඩාර හා මධුමාලී එරංගා ප්‍රියදර්ශනී

ජූඩෝ - සූර්යා තුෂාර හා හෆ්සා යාමිනා

ටෙනිස් - විභූද ඉන්දීප විජේබණ්ඩාර හා අනීතා සෙනවිරත්න

නිලධාරී පිරිස - ගෘෘප් කපිතාන් එරන්දික ගුණවර්ධන (කණ්ඩායම් ප්‍රධානී), අල්විස් වීරසේකර (මලල ක්‍රීඩා පුහුණුකරු), ශ්‍යාමා ප්‍රියදර්ශනී (ජුඩෝ පුහුණුකරු), කේ. කේත සුනිල් (බොක්සිං පුහුණුකරු), භාරතී ජෝජ් පිල්ලේයි (ටෙනිස් පුහුණුකරු), ජුලියන් බෝලිං (පිහිනුම් පුහුණුකරු), එම්. අයි. මරික්කාර් (රගර් කළමනාකරු), පීටර් ජෝජ් වුඩ් (රගර් පුහුණුකරු), තාරක අහංගම (රගර් අභ්‍යාසක)

නව අදහස දක්වන්න