මුව මස් කිලෝ තුනක් ශීතකරණයේ | දිනමිණ

මුව මස් කිලෝ තුනක් ශීතකරණයේ

ලුණම සමූහ සනත් ගමගේ

බදගිරියේ කාන්තාවක් අත්අඩංගුවට

ශීතකරණයේ මුව මස් කිලෝ තුනක් සඟවා ගෙන සිටි හම්බන්තොට බදගිරිය යහන්ගල ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරි ජේ.පී. විජය කුමාර මහතා කීය.

මේ දිනවල පවතින දැඩි ඉඩෝරය සමඟ වන සතුන්ට ජලය සොයා යෑමට සිදුවන හෙයින් වැව් හා ජලය ඇති කුඩා දියකඩිති වලට ජලය බීමට පැමිණෙන වන සතුන් දඩයම් කරන බවට ලද තොරතුරු මත හම්බන්තොට පන්වැව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමඟ බදගිරිය යහන්ගල ප්‍රදේශයේ කරන ලද හදිසි වැටලීමකදී මුව මස් කිලෝ තුනක් ශීතකරණයේ සඟවාගෙන සිටි තිස් පස් හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගත් බව විජය කුමාර මහතා සඳහන් කෙළේය.

හම්බන්තොට වනජීවී කාර්යාලයේ වනසත්ව නියාමකෙවරුන් වන දිමුතු සම්පත්, පුබුදු ප්‍රසන්න, එල්.එන්.ජී. සම්පත්, ජනක සුරංඟ සහ ක්ෂේත්‍ර නිලධාරී කැළුම් ලක්මාල්, චමින්ද කුමාර සහ රියැදුරු දේශප්‍රිය නිලධාරීන් සහ හම්බන්තොට පන්වැව විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු මෙම වැටලීමට සහභාගි වූහ. 

නව අදහස දක්වන්න