කෞතුක භාණ්ඩ සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට | දිනමිණ

කෞතුක භාණ්ඩ සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටි. එම්. ගුණානන්ද
පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.පි.බි.විජේසිරි මහතා ඇතුලු නිලධාරින් අත්අඩංගුවට ගත් කෞතුක භාණ්ඩ පරික්ෂා කරමින් ඡායාරූපය - ත්‍රිකුණාමලය විශේෂ

නිධානයකින් ගත් බවට සැක කරන කෞතුක විටිනාකමකින් යුත් භාණ්ඩ කිහිපයක් රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනකු මහාමාරිකුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව කින්නියා පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ලෝහ වලින් නිර්මාණය කළ ගණදෙවි පිළිමයක්, කැටයම් කල කුඩා මංජුසා දෙකක් සහ කරඩු ජෝඩුවක් ඇති බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවකු සතු ජංගම දුරකථනයක ඉපැරැණි කෞතුක භාණ්ඩ රැසක ඡායාරූප තිබී ඇති බව පොලිසිය සඳහන් කෙළේය.

කින්නියා පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.පී.බි.විජේසිරි. උප පොලිස් පරික්ෂක ආනන්ද වර්ධන, සැරයන් රත්නපාල, කොස්තාපල්වරුන් වන හෙට්ටිආරච්චි, සූවිකරන්, සියාම් නිලධාරීහු සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබූහ.


නව අදහස දක්වන්න

Or log in with...