හසලක වෑන් අනතුරකින් දෙදෙනෙක් රෝහලේ | දිනමිණ

හසලක වෑන් අනතුරකින් දෙදෙනෙක් රෝහලේ

අනතුරට පත් වෑන් රථය

මහියංගණ-මහනුවර මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් පසුගියදා අලුයම 1ට පමණ එම මාර්ගයේ ගුරුලුපොත 64 කණුව ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන දුරකතන රැහැන් කණුවක්ද කඩාගෙන ගසක හැපී පෙරළී ගිය අතර එහි ගමන් ගත් දෙදෙනකු තුවාල ලබා හසලක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් වෑන් රථයටද බරපතළ හානි සිදුව ඇත. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කල්මුනේ ප්‍රදේශයේ පිරිසක් ගමන් ගත් ඩොල්පින් වර්ගයේ වෑන් රථයකි. ධාවනය වෙමින් තිබූ මාර්ගය හරහා දිව ගිය වල් ඌරු රංචුවක් බේරීමට තැත් කිරීමේදී වෑන් රථය මෙසේ අනතුරට ලක්වූ බව එහි රියැදුරා පැවැසීය. හසලක පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මීගහකිවුල එන්. නවරත්න 

නව අදහස දක්වන්න