නියෝජ්‍ය පොලිස්පති රැගෙන ගිය රථය අනතුරකට - update | දිනමිණ

නියෝජ්‍ය පොලිස්පති රැගෙන ගිය රථය අනතුරකට - update

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර ස්විස් කුමාර්ට රැකවරණය දීම සහ පැන යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

රිමාන්ඩ් කරනු ලැබූ ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.

සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රැගෙන කයිට්ස් අධිකරණයට ගිය වාහනය අතරමඟදී අනතුරකට ලක්වී තිබිණි.

විද්‍යා ඝාතනය: ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට - update

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ, විද්‍යා සිසුවියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකුට පළා යාමට ඉඩ සැලැස්වීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව ය.

අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණයකට අනුව අදාළ නඩුව යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වේ.

නව අදහස දක්වන්න