කුලියාපිටිය රෝහලේ ඩෙංගු මර්දන වැඩසටහන | දිනමිණ

කුලියාපිටිය රෝහලේ ඩෙංගු මර්දන වැඩසටහන

ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන ලෙස හඳුනා ගත් පරිශ්‍රයන් ශුද්ධ පවිත්‍ර කිරීමේ ඩෙංගු මර්දන ශ්‍රමදාන ව්‍යාපාරයක්, කුලියාපිටිය රජයේ මුලික රෝහල් භූමියේදී පසුගියදා පැවැත්විණි. මැටිවලගෙදර, හොරොම්බාව, ගාල්ලේගම , පොතුහැර මුස්ලිම් දේවස්ථානවල දායක සභාවන්හි සාමාජිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම ශ්‍රමදාන ව්‍යාපාරය පැවැත්විණි. කුලියාපිටිය රෝහලේ වෛද්‍ය අධිකාරී ප්‍රභාත් ජයකොඩි මහතාගේ මඟපෙන්වීම යටතේ පැවති එම ශ්‍රමදානයේ අවස්ථා කිහිපයක්.

ඡායාරූපය - කුලියාපිටිය විශේෂ


නව අදහස දක්වන්න

Or log in with...