නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීම අද | දිනමිණ

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීම අද

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) සිදු කෙරේ.

සයිටම් හෙවත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා නොගන්නා බව ද ඇමැතිවරයා පවසයි.

නවීන වෛද්‍ය තාක්ෂණ උපකරණවලින් සමන්විත මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අක්කර 05 ක භූමියකින් යුක්ත හරිත සංකල්පයට අනුව ගොඩනඟා ඇත.

වර්ග අඩි 180,600 කින් යුක්ත මහල් 04 කින් යුක්ත ගොඩනැගිල්ලක් සහ මහල් 08 ක ගොඩනැලිලි දෙකකින් රෝහල සමන්විත වේ. ශික්ෂණ රෝහලක තිබිය යුතු අති නවීනතම වෛද්‍ය සේවා සහ සායනික පහසුකම්වලින් මෙම රෝහල පරිපූර්ණ අතර රජයට පවරා ගැනීමෙන් පසුව රෝහලෙන් නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීමට රෝගීන්ට හැකියාව පවතියි. කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කයන්හි සහ දකුණු පළාතේ ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවාව සපයන මධ්‍යස්ථානයක් බවට මේ රෝහල ඉදිරියේදි පත්වනු ඇති බව ද සෞඛ්‍ය ඇමැතිවරයා පවසයි.

සන්ධ්‍යා කරුණාරත්න 

නව අදහස දක්වන්න